කලාව සහ ආශිර්වාදයේ මනරම් සංකලනය
*A beautiful blend of Art and Blessing*
අපේ ගමන් මග:
2013 වසරේදී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ඇරඹි අපේ ගමන, පාරිභෝගික ඔබගේ ඉහළ විශ්වාසය මත ඉතා කෙටි කලකින් ලංකාව තුල මෙන්ම විදේශික රටවල් දක්වාද විහිදී ගියේය. විශේෂයෙන්ම Online තාක්ෂණය ඔස්සේ ඔබ කැමතිම මෝස්තරයට අනුව (Customized Jewellery) අප විසින් නිර්මාණය කර දුන් ආභරණ, පාරිභෝගික ඔබ අතර ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.
අපගේ ස්වර්ණාභරණ වල ඉහල ගුණාත්මකභාවය සහ පාරිභෝගික ඔබ අප කෙරෙහි තබන විශ්වාසය තමයි අපගේ සාර්ථක ගමන්මගේ රහස.
ලංකාවේ මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් අතරද අපගේ Sampath Jewellery නාමය රැඳී පවතින්නේ අප ලබා දෙන නිමාවේ ගුණාත්මකභාවය සහ පාරිභෝගිකයාගේ රුචිකත්වය ඒ අයුරින්ම ඉටු කරන නිසාමය. වසර ගණනාවක් පුරා අප රැකගත් ඒ විශ්වාසය අදටත් අපේ ව්‍යාපාරයේ ජීවනයයි.
නවමු සේවාවක ආරම්භයක් ලෙස
ව්‍යාපාරික අරමුණෙන් ඔබ්බට ගොස්, දැඩි මානසික පීඩනයකින් හෝ අසීරුතාවයකින් පෙළෙන කෙනෙකුට අප දන්නා මේ ක්ෂේත්‍රය හරහා පිහිටක් විය හැක්කේ කෙසේදැයි අප නිරන්තරයෙන් කල්පනා කළෙමු.
එහි ප්‍රතිඵලයක් ලෙස,එතෙක්
මෙතෙක් නිර්මාණය නොවු සිත නිවන සුවිශේෂී නිර්මාණ එකතුවක් අප හඳුන්වා දෙන්නෙමු.
සෙත් ඕරා විශේෂිත වන්නේ (Seth Aura) ඇයි??
මෙය හුදෙක් ව්‍යාපාරයක්ම නොව, ජීවිතයට ආශිර්වාදයක් එක් කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද පිරිත් වල බලය සහ ආධ්‍යාත්මික සුවය මුසු කළ හැකි සහ දීර්ඝ කාලීනව ළඟ තබා ගත හැකි උසස් නිර්මාණ සමූහයක සංකලනයකි.
පිරිතක ඇති ශක්තිය,ආකර්ශනය ලගා කරගැනීමට සහ ජීවිත කාලය පුරාවටම ලග තබා ගැනීමට හැකි උසස් නිමාවකින් ඔබගේ අවශ්‍යතාවය අනුව රන්, රිදී හෝ ස්ටේන්ලස් ස්ටීල් වලින් නිම කළ උසස් නිර්මාණ ඔබට ගෙන එන්නට අප බැදී සිටින්නෙමු.
පීඩනයකින් සිටින අයෙකුට මනසට සුවයක් සහ ආරක්ෂාවක් ගෙන දෙන දෘශ්‍යමාන කලාවකි Seth Aura..
සෙත් Aura…අපේ අරමුණ අප තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දානය සියලු දානයන් අතර උසස්ම දානය ලෙස දේශනා කොට වදාළ අයුරින් (‘සබ්බදානං ධම්ම දානං ජිනාති’),
උතුම් වු ධර්මදානමය කුසලය වර්ධනය වේවා කියන උදාර හැගිම පෙරදැරිව රෝගි තත්වයෙන් පසුවන අය වෙනුවෙන් මෙම නිර්මාණ නොමිලේ ලබාදීමට සහ මුදල් අපහසුතා ඇති ඕනම කෙනෙකුට කැමති මුදලක් දී මෙය ලබා ගැනිමටද පහසුකම් සලසා ඇතිබව කාරුණික සිතින් ඔබට කියන්නට කැමතියි.
Seth Aura අපිට අවශ්‍ය ඔබ සරසන ආභරණයකින් ඔබව හැඩ කිරීම පමණක් නොව, ඔබ යන ගමනට ආශිර්වාදයක් සහ පිහිටක් වන උතුම් මාධ්‍යයක් වීමයි.
ස්තූතියි.
තෙරුවන් සරණයි..!!!
